මයික්‍රෝසොෆ්ට් කොටානා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට දාගන්නේ මෙන්න මෙහෙමයි



"මයික්‍රෝසොෆ්ට් කොටානා" ඇත්තටම මොකක්ද මේ?
ගේම් ගහන අයනම් පොඩි කාලේ ඉදන්ම දන්නවා ඇති කොටානා ගැන ඒ තමා හාලෝ කියන ගේම් එකේ මාස්ටර් චීෆ්ට උදව් කරන කෘතීම බුද්ධිය. කාලයත් සමග මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකි උනා මේ කොටානා කියන කෘතීම බුද්ධිය යතාර්ථයක් කරන්න. පළමු අදියර විදිහට ඔවුන් මයික්‍රොසොෆ්ට් ජංගම දුරකතන සදහා මෙය හදුන්වා දුන්නා ඊට පසුව මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය උනු වින්ඩෝස් 10 සමගත් කොටානා ලබා දුන්නා.


දැන් මයික්‍රෝසොෆ්ට් සමාගම හදන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහාත් මෙම පහසුකම ලබා දෙන්න. මේ සදහා ඔවුන් දැන් කොටානා වල බීටා සංස්කරනයක් නිකුත් කරලා තියනවා. දැන් ඔයාලටත් පුලුවන් කොටානා ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න.

මෙන්න මෙහෙමයි කරන්න ඔනේ ඉස්සරලාම ඔයා බීටා ටෙස්ටර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනි මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙලා ගූගල් ප්ලේ ස්ටෝ එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නයි තියෙන්නේ.

තවත් දෙයක් තියනවා තාම මේක බීටා මට්ටමේ තියන නිසා පොඩි පොඩි දෝෂ තියෙන්න පුලුවන් ඒ වගේම තව අලුත් දේවල් ගොඩක් මේකට එකතු වෙන්න තියනවා කියලත් මතක තියගන්න.



SHARE

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment